පසුගිදා මහත් කතාබහට ලක්වූ සිෂ්‍යත්ව විභාග පශ්න පත්‍ර පිටවීමේ ගැටළුවට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාතංශ ලේකම්වරිය සඳහන් කළාය.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බවයි.
අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතුවලට ද බලපෑම් එල්ල විය හැකි බවයි.

