Image

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.!

දිවයින පුරා පාසල් දරුවන්ට අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සදහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සදහන් කරයි.

අස්වැසුම නොලබන නමුත් ආර්ථික අපහසුතා ඉතා ඉහළ මට්ටමකින් තිබෙන දරුවන් සදහා ද අදාළ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් තෝරාගැනීමේ කටයුතු ඉදිරි දිනවල කඩිනමින් සිදු කරන බව ලේකම් නාලක කළුවැව සදහන් කරයි.

මේ අතර පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55%කගේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී ඇති බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය.

එම ළමුන් අතරින් ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් බලපෑමට ලක් වූ ළමුන් අතරින් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා ඇති පිරිස 53.2%ක් බවද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය.

TRENDING POST