රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ගොවීන් සහ ධීවරයෙන් සඳහා විශේෂ සහනාධාර රැසක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ රටේ සම්ප්‍රදායික ප්‍රධාන අපනයන බෝගයක් වන තේ නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගෙන තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා.
තේ වගා කරුවන්ට රජයේ පොහොර සමාගම මගින් කිලෝ ග්‍රෑම් 50ක රසායනික පොහොර මිටියක් සඳහා රුපියල් 4000ක සහනයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අඩුමැතිය ලබා දුන්නා.
කෘෂිකර්ම අමාත්‍යතුමා තවත් එවැනිම යෝජනාවක් ඉදිරිපත් කළා මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන් සඳහාද පොර සහනයක් ලබාදීමට ඒ අනුව 2024-2025 කන්නයේ දී කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන සහ අනෙකුත් ක්ෂේත්‍රභෝග සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබා දෙනවා.
වී වගාව සහ වෙනත් වගාවන් සඳහා කරන ලද උපරිමය හෙට්ටයාර් දෙකක් සඳහා අක්කරයට රුපියල් 15000 බැගින් මූල්‍ය සහනාධාරයක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා.
එමෙන්ම ධීවර අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇතිවී තිබෙන බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන අනුව ධීවරයන් භාවිත කරන ඩීසල් සඳහා සහනාධාරයක් ලබා දීමට තීරණය කළා.
මාස හයක කාල සීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිතා කරන ධීවරයන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් සහ භූමිතෙල් ඉන්ධන වශයෙන් භාවිතා කරන ධීවරයන්ට දිනකට භූමිතෙල් ලීටර 15 බැගින් මසකට උපරිම දින 25ක් සඳහා භූමිය්ලීටරයකට රුපියල් 25 බැගින් ධීවර කර්මාන්තයේ යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබාදීම පිනිස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටද අනුමැය ලැබුනා.