Image

ඡන්දෙට සල්ලි දෙන්න මහා භාණ්ඩාගාරය සූදානම් – ඇමති රංජිත් සියඹලාපිටිය කියූ දේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මැතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති අතර, පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන්කර ඇති බව ඔහු සඳහන් කරනවා.

මුද්‍රණ කටයුතු, ආරක්ෂක කටයුතු, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.