Image

ජනපති ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප ගැන තීරණයක්.!

ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම සියලු මුදල් පොදු අරමුදලකට බැර කරන බව නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ සදහන් කරයි.

අනතුරුව පොදු අරමුදලට එකතුවන මුදල් වලින් ජනතාවගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට සූදානමි බවත් ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැති බවද නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ සදහන් කරයි.

නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ සදහන් කළේ,

“අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරනවා.”

අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST