Image

ප්‍රතිලාභීන්ගේ සියළු දීමනා ඉහලට.!

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ අස්වැසුම ලාභී ජනතාව වෙත හිමි සහන තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙමස 31වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ සංක්‍රාන්ති සහනය ලබනා පවුල් ලක්ෂ 4ක ජනතාවගේ දීමනාව මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත් අවධානමට ලක්වූ කාණ්ඩයට ඇතුලත් පවුල් ලක්ෂ 4ක ජනතාවගේ දීමනාව තවත් වසරකට දීර්ඝ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ හිමි දුප්පත් කාණ්ඩයට අයත් පවුල් ලක්ෂ 8කට හිමි රුපියල් 8,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරනා බවත්, අන්ත දුගී කාණ්ඩය යටතේ ප්‍රතිලාභ හිමියන්ට ලැබෙනා රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරනා බවත් අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ අස්වැසුමට අමතරව, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු රෝගී දීමනාව යන දීමනාවන්ද පවතින ප්‍රමාණයට වඩා ඉහළ දැමීමට එලඹෙන අයවැයේදී කටයුතු කරනා බවත් ය.

එමෙන්ම එන වසරේ පළමු පාසැල් වාරයේ සිට අස්වැසුම ප්‍රතිලාභී මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල රැකවරණය යටතේ පසුවන සහ විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහාද පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව ජයතිස්ස මහතා සඳහන් කළේය.

TRENDING POST