මේ මස අවසන් සතිය තුළ අක්කර 5ට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.
පොහොර මෙට්‍රික්ටොන් 27,500ක් රැසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර එය යොදාගෙන එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කලවම් කර පොල් සදහා වූ විශේෂිත පොහොර මෙට්‍රික්ටොන් 56,000ක් සකස් කිරීමට පොහොර සංස්ථාව මේ වනවිට කටයුතු කරමින් ඇත.
ඒ අනුව අක්කර 5ට අඩු පොල් වගාකරුවන්ට වෙළෙඳපොළේ රුපියල් 9,500ක් වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 4,000ක් වැනි සහන මිලට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.
බීජ පොල් මිලියන 2.5ක් මෙරට පොල් වගාව දියුණු කිරීමේ අරමුණින් මෙම වර්ෂය සදහා නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන අතර මෙම වසර තුළ අක්කර 36,000ක් තුළ අලුතින් පොල් වගාව කිරීමට සැලසුම් කර ඇත.