වසර 18කට වැඩි කාලයක් පුරාවට අවස්ථා ගණනාවකදී ආයුර්වේද වෛද්‍යවරුන් සිදුකළ ඉල්ලීම අනුව අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි තවදුරටත් සදහන් කළේ,
“ජනතාව තම දරුවන්ගේ සහ රටේ අනාගතය පිළිබඳ සිතා රටක් ලෙස ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද සඳහන් කළ යුතුයි.
බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවකදී ආයුර්වේද වෛද්‍යවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටියා. ඉතිං එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් එතුමාට විශේෂ ස්තුතිය පුදකළ යුතුයි.
මෙම දීමනාව මුදල් අමාත්‍යාංශයට වැය බරක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදලින්ම ආවරණය වන පරිදි ලබාදීම සිදු වනවා. මෙය රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ලද ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මේ බව සදහන් කරයි.