Image

ලබන වසරේ සිට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ඇඳහිය නොහැකි වැටුප් වැඩිවීමක්! වැටුප් වැඩිවීම සිදුවන ආකාරය මෙන්න!

2025 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ම රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට දැනට ලැබෙන ජීවින වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීට අමතරව ඔවුන් සඳහා 25% සිට 40% වැටුප් වර්ධකයක් ලබා දීමට ද එමගින් එකතාව පළ වී ඇති බවයි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව මෙම පියවර ගැනීමට නියමිත බව සඳහන්.

මෙම වැටුප් වැඩි කිරීම රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට ද ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මීට අමතරව එම වැටුප් වර්ධකය සෑම වසර තුනකට වරක්ම යළි සලකා බැලීමට ද අදාළ වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වැටුප් වර්ධකයන්ට සමගමීව විශ්‍රාමිකයන්ට ද සහන සැලසීමට අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

TRENDING POST