Image

රජයෙන් රුපියල් 3000ක දීමනාවක්.!

රුපියල් 3000ක අතුරු දීමනාවක් රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

එළඹෙන සැප්තැම්බර් මස දීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම අතුරු දීමනාව ලබාදෙන බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සදහන් වේ.

එම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

TRENDING POST