එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් (Monkeypox) රෝගීන් ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි බැවින් එම රෝගීන් හඳුනා ගැනීමට මුළු දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මන්කිපොක්ස් (Monkeypox) රෝගීන් මෙරටින් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් (Monkeypox) රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවත් රෝගයට වඩා හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබාදී ඇති බවද සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ඔවුන් වෙත ලබාදීමට මේ වනවිට කටයුතු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සදහන් කරයි.