Image

මන්කිෆොක්ස් රටට ඇතුළුවීම නවත්වන්න වැඩපිලිවෙලක් නෑ

වඳුරු උණ රෝගය දිවයිනට ඇතුළු වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසීය.

යම් සැකකටයුතු රෝගියෙකු දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව පැවසීය.

මේ වනවිට රටතුළ ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති බව පැවසීය.

එහෙත් ඊට අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

TRENDING POST