Image

ජනපති අනුරට එරෙහිව හිටපු ලොක්කෝ එකට එකතු වෙයි.. අලුත්ම සෙල්ලමක් අරඹයි.!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීම සදහා හිටපු ජනාධිපතිවරු එකතු වී නව පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු විරුද්ධත්වය දක්වා ඇති අතර මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව ඔවුන්ගේ අදහස වී ඇත.

ඒ අනුව පසුගියදා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවත සදහා හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්වී රටේ ප්‍රශ්න ගැන අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

TRENDING POST