Image

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවාද.? නැද්ද.? යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.