Image

සනත් නිශාන්තගේ පවුලේ ඥාතීන් ඇතුලු මැති ඇමති 04ක් නිල නිවාස බාරදී නෑ.!

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ හිටපු මැති ඇමතිවරුන් භාවිතා කල රජයට අයත් නිල නිවාස 04ක් මෙතෙක් රජයට බාරදී නොමැති බවයි.

ඒ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන්ද නිසි ක්‍රමවේදයන්ට අනුව නිල නිවාස මෙතෙක් බාරදී නොමැති අතර හිටපු විපක්ෂ නායකවරුන් වන ආර්.සම්බන්ධන් සහ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යන අයවලුන්ද නිල නිවාස බාරදී නොමැති බව සඳහන්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ මොහාන් ද සිල්වාට අයත් නිල නිවාසය අද දිනය අවසන් වීමට පෙර බාර දෙන බවට දැනුම්දී ඇති බවත් සනත් නිශාන්ත මහතා රැදීසිටි නිල නිවාසය (06) වනවිට බාර දෙන ලෙස ඔහුගේ බිරිදට අමාත්‍යංශය විසින් දැනුම් දුන් බවයි.

එමෙන්ම ආර්.සම්බන්දන් මහතා භාවිතා කර නිල නිවසද කඩිනමින් බාර දෙන ලෙසට ඔහුට දැනුම් දී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.