හිටපු අමාත්‍යවරුන්ගේ නිල බංගලා රජයේ ආයතන සඳහා කුලියට ලබා දීමට ඉල්ලීම් – රාජ්‍ය අංශයේ කාර්යාල ගැටලුවට විසඳුමක් ලෙස යෝජනා වේ.
හිටපු අමාත්‍යවරුන් විසින් භාවිතා කරන ලද බංගලා අමාත්‍යාංශ සහ රජයේ ආයතන සඳහා කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී ඇති බව වාර්තා වේ.
දැනට පෞද්ගලික ස්තානයන්හි සිය කාර්යාල පවත්වාගෙන යන රාජ්‍ය ආයතන දහයකින් මෙම ඉල්ලීම් ලැබී ඇති බවත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
රජයේ ආයතන සඳහා කුලී ගෙවීම වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් වැය වන අතර, මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් රජයට සැලකිය යුතු මූල්‍ය ඉතිරියක් සිදුවනු ඇත.

