සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන්ගේ අද්දැකීම් අඩුකම හේතුවෙන් රට දැනටමත් බරපතළ ආර්ථික අර්බුදයකට තල්ලු වී ඇති බවත් වර්තමාන ආණ්ඩුවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට තරම්වත් ආයුෂ නොමැති බවයි.
මන්ත්‍රීවරයා පවසන්නේ වර්තමාන ආණ්ඩුව හිටපු ඇමති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සූත්‍රයේ තවමත් එල්ලී සිටින අතර ඉන්ධන මිල සූත්‍රයක් වෙනස් කිරීම සඳහා අවශ්‍ය දැනුමක් පවා ඔවුන් සතු නොවන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
“දිනකට රටේ පෙට්ටුල් මෙට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. පෙට්ටුල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩු කරන්න රජයට තිබුණා. ගොවින්ට, ධීවරයින්ට, කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්‍රල් මිල රුපියල් 2 කින් අඩු කරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන් තමයි භුමිතෙල් නිෂ්පාදනය කරන්නෙත්.
ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩු කරන්න දැන් ජාතික ජනබල වේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා.”

