Image

මනාප සලකුණු කිරීම අවශ්‍ය නෑ… කතිරේ ගහලා ඡන්දේ දෙන්න…! – නලින්ද ජයතිස්ස

සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සජිත්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය රනිල්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින් පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක් බව යැයි ද ඔහු වැඩි දුරටත් කීය.

TRENDING POST