Image

ගමේ ආර්ථිකය හදන රට පිරිසිදු කරන මාලිමාවේ සැළැස්ම.!

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු ධූර අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා කළුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් පවසා සිටියේ ඉතිහාසය පුරා පත්වූ රජයන් සංවර්ධන ව්‍යාපෘතීන් සකස්කළේ ග්‍රාමීය ආර්ථිකය අමතක කරමින් බවයි.

රටක ආර්ථිකයට කිසිදු ප්‍රතිලාබයක් නොමැති මෙගා ව්‍යාපෘතීන් ඉටුකරමින් ඒවායින් ගසාකෑම හැර ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හෝ ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවෙකුට වැඩපිළිවෙලක් නොවූ බව ඔහු පැවසීය.

ග්‍රාමීය මාර්ග පද්ධති සංවර්ධනය කිරීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය පහසුකම් ලබාදීම සහ ග්‍රාමීය අධ්‍යාපණය වැඩි දියුණු කිරීම හරහා ගමේ ජනතාවට ගම තුල පහසුවෙන් ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්ම කරනා බවද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

එමෙන්ම වසර 5ක් ඇතුළත ශ්‍රී ලංකාවේ සියළුම අංශයන් ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය තවත් නොබෝදිනකින් ආරම්භ කරනා බවත් #Clean_Sri_Lanka නමින් පිරිසිදු, ලස්සන රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ජනාධිපති කාර්‍යසාධන බලකායක් හරහා ආරම්භකිරීමට කටයුතු සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජීවිතය යනු කුමක්ද නොදැන දුක් විඳ, මිය යන ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ජාතික ජනබලවේගයේ අපේක්ෂාව බවත් ඉතාම කෙටි කාලයක් තුල පොහොසත් රටක් ලසසන ජීවිතයක් ගොඩනැඟීම යතාර්ථයක් බවට පත්කරනා බවත් ඒ මහතා පැවසීය.

TRENDING POST