Image

“මීට වඩා ගොඩාක් දේවල් මේ රටේ සිද්ධවෙලා තියනවා” – වෛද්‍ය නලින්ද ජයතිස්ස

හිටපු කථානායක අශෝක රන්වල සදාචාරාත්මකව තමන්ගේ ඉල්ලා අස්වීම භාරදී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“කථානායකවරයා ඉල්ලා අස්වීම බාරදුන්නා කියන්නේ, ඔහු කාලයක් ගන්නවා යම් දින කිහිපයක් ඇතුළතදී ඔහු තමන්ගේ සුදුසුකම් පෙන්නුම් කරාවි.

හැබැයි මේ මොහොතේ ඔහුට ඒක පෙන්නුම් කරන්න බැරි නිසා ඔහු සදාචාරාත්මකව තමන්ගේ ඉල්ලා අස්වීම දීලා තියනවා. මීට වඩා ගොඩාක් දේවල් මේ රටේ සිද්ධවෙලා තියනවා.

හැබැයි එහෙම, මෙහෙම දේශපාලන වගකීමක්, වගවීමක් මීට කලින් පෙන්නුම් කලේ නෑ. එනිසා මේ ජනවරම කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕන.”

උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.

TRENDING POST