Image

මහින්ද රාජපක්ෂගේ සැලුන්දොර විවෘතයි

නැවත පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ දොර විවෘත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න මෙන්ම යන්නත් පුලුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

නාමල් රාජපක්ෂ හම්බන්තොටින් ගියත් දිනන්න දෙවැනි පෙළක් සිටින බවත් පක්ෂයේ පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න බවත් පක්ෂයේ යාන්ත්‍රණය ඉතාම ශක්තිමත් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

නව පරම්පරාවේ අලුතින් හිතන තරුණයෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග සිටින බවද අනුරාධපුරයේ පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,

” එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇතිවුණා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුනේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක. අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි. අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්.”

TRENDING POST