එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් නව ආණ්ඩුවේ අගමැති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිවන බව හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.
තවත් ටික දිනකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැරදවීමේ සටන ආරම්භ කරන බවත් අනතුරුව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැරදවීමට කටයුතු කරන බවද උදයංග වීරතුංග සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ ලගට ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නැවතත් නාමල් රාජපක්ෂ සහාය ලබාදීම සදහා පැමිණෙන බවත් දැනටමත් පක්ෂය තුළ ආරවුලක් ඇතිවී තිබෙන බවද උදයංග වීරතුංග සදහන් කරයි.