මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් වන ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන පිරිස් සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූ බව වාර්තා වේ.
දිලිත් ජයවීර මහතා බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ අතර විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා අත්සන් කරන ලදි.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිට ආරම්භවීමට නියමිතයි.