Image

අත්අඩංගුවට ගන්න අය ගැන ආණ්ඩුව රෑට රෑට සාකච්ජා කරනවා.!

අනුරාධපුරයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා වී සදහා මෙතෙක් සහතික මිලක් නියම නොකිරීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ,

“පසුගිය කාලයේ රණවිරුවන් සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවලා වී ගබඩා සුද්ධ කළා. නමුත් අද වෙනකම් ආණ්ඩුව වී මිලදී ගන්න කටයුතු කරලා නැහැ.

ඒ වගේම ගොවියන්ගේ වී වලට නොයෙක් ප්‍රදේශවල නොයෙක් මිල දෙනවා. නමුත් වීවලට සහතික මිලක් අදටත් නැහැ. සහතික මිල ලබා දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නෙත් නැහැ.

මේ හේතුව නිසා පාරිභෝගිකයන්ට සහනදායි මිලට සහල් ලැබෙන්නෙත් නැහැ. මේවා පිළිබඳව සාකච්ඡා කරන්න ඕනෑ ආණ්ඩුව අද දේශපාලනික වශයෙන් කෙනෙක් අත්අඩංගුවට ගන්නේ කොහොමද කියන එක රෑ පුරා සාකච්ඡා කරනවා.

ඒක සාධාරණීකරණය කරන්න අධිකරණ ඇමැතිවරයා කාලය වැය කරනවා. ඒ අනුව ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලයක් තිබෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.