Image

කුළුඳුල් ජනපති අපේක්ෂකයාගෙන් විශේෂ ආරාධනාවක්

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට තමාට කිසිදු වුවමනාවක් නොතිබුවද අභියෝගාත්මක අවස්ථාවක පක්ෂයේ තීරණයට හිස නමා වගකීම බාරගත් බවත්, පක්ෂය අතහැර ගිය සියලු දෙනාට නැවත තමා සමඟ එක්වී රට ගොඩනැඟීම සඳහා එක්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අද (7) ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ජාතික සංවිධායක ලෙස තමාට පැවරී තිබුණ වගකීම වූයේ සුදුසු අපේක්ෂකයාට “සූට්” මසාදීම බවත් එම “සූට්” බලෙන් ඇන්දවිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවතත් ශක්තිමත්ව මෙවර ජනාධිපතිවරණයේදී පළමු බලවේගය වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST