Image

බදු අඩු කර කඩාවැටුන ආර්ථිකය අපි ගොඩගන්නවා.! – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දු අරගෙන නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය අවසන් කළ තැනින් තමන් යළිත් ආරම්භ කරන බවද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බවත් තමන් ප්‍රමුඛ ආණ්ඩුව රටේ ආර්ථිකය හදන බවද අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

අපේක්ෂක නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,

“අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණය.

අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුව අපි බදු අඩු කළා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණය.

අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්.”

මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.

TRENDING POST