Image

රනිල් සමග ඇති අර්බුදය නාමල් කියයි

අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදවු කලා.හැබැයි ඉතින් අපිට අවාසනයට ලැබෙන්නේ අපේ පක්ෂය දෙකට කඩන්න උත්සාහයක්නම්,එතුමා ඒ පිළිබඳවත් කල්පනා කල යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේදී මාධ්‍යවේදියකු විසින් යොමුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

ප්‍රශ්නය:ඔබතුමන්ලා දැන් රනිල් මහත්තයට නැවත වරක් උදව් කරන්න හදනවා කියලා කතාවක් තියනවා,ඒක ඇත්තක්ද?

අපි රනිල් මහත්තයට ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා පක්ෂයක් විදියට,විපක්ෂ නායකතුමාට ආරාධනා කලා එතුමා ආවේ නෑ..අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යතුමාට ආරාධනා කලා එතුමා ආවේ නෑ.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනා කලා එතුමා ආවා එතුමා බාරගත්තා, එතුමාට අපි පූර්ණ සහයෝගය දුන්නා..මං හිතන්නේ අපි අද වෙනකන් වචනෙකින්වත් එතුමාටවත් ආණ්ඩුවටවත් අපිට නොගැලපෙන දේවල් කෙරුවත්,අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලත් වචනෙකින්වත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හෝ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කරලා නෑ..හැබැයි පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදෙ නම් පක්ෂය දෙකට කඩපු එක. හැබැයි ඒ කෙසේ වෙතත් අපි අපේ වගකීම ඉටු කරලා තියෙනවා. ඉදිරියේදී අපි හොඳ දේශපාලන තීන්දුවක් ගමු..

ප්‍රශ්නය:ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා ඔබතුමන්ලාගේ පක්ෂය දෙකට කැඩුවා කියලා චෝදනාවද එල්ල කරන්නේ?

මම නෙමෙයි වර්තමාන මම දැක්කා ජනාධිපතිතුමා එක්ක හිටපු සජබේ පාර්ලිමේන්තු මංත්‍රීවරුත් එතුමා පක්ෂේ දෙකට කඩනවා කියලා චෝදනා කරලා තියනවා.ඉතින් බැලූ බැල්මට අපේ පක්ෂෙත් කඩන්න උත්සාහ කරනවා ඒක හංගන්න දෙයක් නෙමෙයිනේ..ඒකනේ වෙනත් වේදිකාවල අපේක්ෂකයෝ අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදවු කලා.හැබැයි ඉතින් අපිට අවාසනයට ලැබෙන්නේ අපේ පක්ෂය දෙකට කඩන්න උත්සාහයක්නම්,එතුමා ඒ පිළිබඳවත් කල්පා කල යුතුයි.

ප්‍රශ්නය:ඇයි ඒ එතුමා පොහොට්ටුවට මෙහෙම කරන්නේ ඔබතුමන්ලා මෙච්චර උදවු කරලත්.?

අනේ නෑ පොහොට්ටුවට නෙමෙයි ඒ පුරුද්දට කරන්නේ,එතුමාගේ පුරුද්ද ඒ..

ප්‍රශ්නය:එතකොට එතුමා එක්ක තරහා වෙලා වෙනම….?

නෑ අපි තරහා වෙන්නේ නෑනේ,එතුමගේ පුරුද්ද, එතුමා ගේනකොට අපි දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එක්සත් ජාතික පක්ෂය කැඩුවා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා,යහපාලනය කැඩුවා,ජේවීපී එක කැඩුවා,එල් ටී ටී ඊ එක කැඩුවා ඉතින් පොහොට්ටුව නොකැඩුවොත්නේ ප්‍රශ්නේ.හැබැයි ඉතින් අපි අවශ්‍ය දේශපාලන තීණ්ඩුව අපි රට වෙනුවෙන් ගත්තා..ඒක හින්දා ඉදිරියේදිත් අපි පෞද්ගලිකව නෙමෙයි,අපි පක්ෂය ආරක්ෂා කරනවා ඉතින් පක්ෂය ආරක්ෂා කරගනිමින් අපි මේ රටට ගැලපෙන දේශපාලන තීන්දුව ගන්නවා..රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා ඒ නොගැලපෙනල් දේවල් අත ඇරලාල් ගැලපෙන තැනකට ආවොත් අපිට පුලුවන් ඉදිරියේදී එන ආණ්ඩුවක් ගැන සාකච්ඡාල් කරන්න.හැබැයි අපටල් නොගැලපෙන දේවල්ල් ආරක්ෂා කරගනිමින් ආණ්ඩුවක් හදනවනම්,මං හිතන්නේ එතෙන්ට අපේ පක්ෂය සූදානම් නෑ..

ප්‍රශ්නය: ඒ කියන්නෙ තවමත් ඉඩ තියනවද එතුමන්ට ඔබතුමන්ලා එක්ක ගමනක් යන්න..?

අපි එතුමා පමණක් නෙමෙයි අද බොහෝ කට්ටිය ඉදිරිපත් කරලා තියනවා ජනාධිපතිවරුන් බවට පත්වෙන්න කැමතියි කියලා , ඉතින් අපි හැමෝම එක්ක සාකච්ඡා කරමු මොකද එක පුද්ගලයෙක් නෙමෙයිනේ පක්ෂයක්නේ ඒක හින්දා අපි පක්ෂයක් විදියට අපි හැමෝම එක්ක සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.