ඊයේ (19) සමගි ජන සංවිධානය විසින් නාවලපිටිය නගරයේ සංවිධානය කළ විජයග්‍රහණයේ ජන රැලිය අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මැතිවරණයට පසු දින එනම් සැප්තැම්බර් 22 සිටම රට පුරා ගම් නියම් ගම්හි නව කර්මාන්තශාලා ආරම්භ කිරීමට පටන් ගන්නා ලෙස තමා ආයෝජකයන්ට උපදෙස් දී ඇති බවයි.
එමෙන්ම ඔහු පැවසූවේ මෙරටට එන දහස් ගනනින් පැමිණෙන ආයෝජකයන්ට ජනාධිපති කාර්යාලය හරහා කඩිනම් අනුමැතියන් ලබාදීමේ ‘One-stop shop’ සංකල්පය ආරම්භ කරමින් යලි රණසිංහ ප්‍රේමදාස යුගයක් බිහි කරනා බවයි.
ආයෝජකයින් විසින් රට පුරා ගොඩනගනා විවිධ කර්මාන්තශාලා හරහා රටේම තරුණයන්ට රැකියා ලබාදෙන බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාද ඊයේ (18) මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් පවසා සිටියේ, මේ රටට අවශ්‍ය තරුණ නායකත්වය ලබා දීමට තමා සූදානම් බවත් 2015 වසරේ කඩා වැට්ටවූ මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ තමා බලයට පැමිණ නැවත අරඹනා බවත්ය.