හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුළු රණවිරුවන්ට ලොකු අසාධාරණයක් වේගන යන බවත් ඒ පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
උදය ගම්මන්පිල ඒ සම්බන්ධයෙන් කතා කලාම ජාතිවාදය අවුස්සනවා කියා ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධර්ම හිමි බැහැදැකීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ,
“අපේ අර නාවික හමුදාපතිතුමා. උළුගේතැන්න මහත්තයා ඇතුළු දැන් මේ රණවිරුවන්ට ලොකු අසාධාරණයක් වේගන යනවනේ. ඉතින් ඒ පිළිබඳව වැඩිය කතිකාවකුත් නෑ.
මොකද දැන් සමාජයේ විරෝධයක් හදාගෙන යනවනේ දැන් උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ඒ ගැන කතා කලාම ජාතිවාදය අවුස්සනවා කියලා එයාටත් පරීක්ෂණයක් කරනවා. දැන් කවුරුත් කතා කරන්නෙත් නෑ.
හැබැයි ඉතින් යුද්ධ කාලේ රණවිරුවෝ කැපවීමක් කරානේ. ඉතින් ඒකට යම් වැරැද්දක් කරලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන එක නෙමෙයි ප්‍රශ්නේ.
දැන් අවුරුදු 15ක් 20කට කලින් වෙච්ච සිදුවීම් ගැන ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක හරි අසාධාරණයි කියන එක තමයි අපේ ස්ථාවරේ.
පොලීසියට උනත් නායක හාමුදුරුවනේ ඇප දීමට විරුද්ධ වෙන්න උවමනාවක් නැනේ. ඉතින් හරි අසාධාරණයි.”

