Image

ආණ්ඩුව සඟවන කතාව මහ බැංකු අධිපති කියයි.. “අවශ්‍ය අයට වැඩිපුර ගෙවල ගන්න පුළුවනි”

රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කළේය.

ඔහු පැහැදිලි කළේ, ඉදිරියේදී වාහන ආනයනය සම්බන්ධයෙන් රජය සහ මහ බැංකුව විසින් ගන්නා තීරණ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ විදේශ විනිමය පදනම් කරගත් ඒවා වන බවයි.

“අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියාගනිමින් වාහනය අලුත් කරන්න ඕනේ නම් අලුත්කරන කෙනා යම් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත්කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ.” 

මීට කලින් තිබුණ විනිමය අනුපාතයයි දැන් තියෙන විනිමය අනුපාතයයි ගත්විට විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක 18%ක් අලුතින් එකතුවෙලා තියෙනවා. එතකොට ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩදුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා ගිහිල්ලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් මේ රටට ගාල එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න අවශ්‍යතාවය තියෙන්න ඕනේ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.