Image

පාලනය වෙනස් වුවත් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් නොවීම සතුටක්…! – මහ බැංකු අධිපති

2025 අයවැය IMF අයවැයක් ලෙස හැඳින්වුව ද එය රටට සුබදායි අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පරිපාලනයේ වෙනසක් සිදු වුවද සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවීම සතුටට කරුණක් බව ද හෙතෙම කීය.

සමස්ත IMF වැඩසටහනේ ආර්ථික ස්ථාවරකරණ පරාමිතීන් අනුව රජය වැඩ කිරීම රජයේ වගකීමක් බව ද ඔහු අවධාරණය කරයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවති සාකච්ඡාවකට එකතු වෙමිනි.

TRENDING POST