Image

නීතියට පිටින් බස් ලයිසන් බෙදයි.!

අන්තර් පළාත් මාර්ග සඳහා බලපත්‍ර පහක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නීතියට පිටින් නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මගී ප්‍රවාහනය සඳහා බස් රථ පළාත් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර යෙදවීමට අවසර පත්‍ර නිකුත් කිරීමේ බලතල පවතින්නේ කොමිෂන් සභාව සතුව පමණක් බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

තවද 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාරව එසේ කටයුතු කළ නොහැකි බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

TRENDING POST