Image

මාස දහයකට මනුෂ්‍ය ඝාතන 488ක්

මනුෂ්‍ය ඝාතන 488ක් පසුගිය වසරේ මුල් මාස දහයේදී වාර්තා වී ඇති බවත් ඉන් මනුෂ්‍ය ඝාතන 52ක් සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලින් බව ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32, 27, 24, 24, 20 වශයෙන් මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2018 – 2022 අතර කාල පරිච්ඡේදයේදී බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තා වී ඇති බවත් ඉන් අපරාධ 2030ක් පසුගිය වසරේදී වාර්තා වී ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.

පසුගිය වසර 6ක කාලය තුළ ගෙවල් බිඳීම්, කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බවත් 2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී එම අපරාධවල 50%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවද සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.