Image

ජාතික කොඩිය තහනම්.. දේශපාලනඥයින් ගෙන්වන්න බෑ.!

ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම තහනම් කරමින් නීතියක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්  ශ්‍රී  රත්නායක මහතා කොළඹ දි පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ කොළඹ දී පැවති ජනාධිපතිවරණය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

පැෆරල් සංවිධානය විසින් එම වැඩමුළුව සංවිධානය කර තිබූ ඇතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් වරයා මෙසේ පැවසීය,

“ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තියෙන්නේ. එම නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එක නතර කරන්න.

නමුත් රටේ සංවිධාන කටයුතු කරගෙන යන්න අපෙන් ගැටළුවක් නෑ. පාර හදලා විවෘත කරන එක ප්‍රශ්නයක් නොවේ. නමුත් එම අවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ. දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන්.”

TRENDING POST