Image

ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

තායිලන්තයේ පැවති ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි වයස අවුරුදු 20 න් පහළ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව , ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙම කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කම දිනා ගෙන 07/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඉකුත් 07/16 දින සිට 07/24 දින දක්වා ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව වයස අවුරුදු 20 න් පහළ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග කර , ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙම කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

නෙත්මි අහිංසා ක්‍රීඩිකාව මෙම ජයග්‍රහණය ද රැගෙන 07/24 දින උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් මෙන්ම , මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

TRENDING POST