ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු 08 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සහ ලේකම් දුමින්ද දිසානායක විත්තිකරුවන් කරමින් හපුතලයේ ආසන සංවිධායක උදිත ලොකුබණ්ඩාර ඇතුළු සංවිධායකයන් 08 දෙනකු එම නඩුව පවරා ඇත.
සභාපතිවරයා සහ ලේකම්වරයා ලෙස පෙනී සිට කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බවත් එම තනතුරු දරන බවට පෙනී සිටිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට නොහැකි බවත් දයසිරි ජයසේකර සජිත් පේමදාසට සහය දැක්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිකරුවන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පැමිණිලිකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යෑමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවයි.

