රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වී තිබේ. ඔහු එම තනතුරට පත්වූයේ පසුගිය මස මැද භාගයේය.
ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙන්නේ, එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසන්නේ, වත්මන් දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සදහා කරන ලද සැලසුම්වලට වාසුදේව නානායක්කාර මහතාගේ සමකාලීන ඇතැම් පක්ෂ සාමාජිකයන් දක්වන අකමැත්ත හා පසුගාමී බව මෙම තීරණයට හේතු වූ බවයි.
ජනාධිපතිවරණය සඳහා ඇති කරගත් එකඟතාව පසුව වෙනස්වීම සම්බන්ධයෙන් තමා දැඩි කැළඹීමට පත් වූ බව ද ඔහුගේ ලිපියේ සඳහන් වේ. පක්ෂය අවසන් තීන්දුවක් ගෙන තිබියදී ජනක රත්නායක වැනි බාහිර පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම හෝ නොකළ යුතුව තිබූ බවයි, ඔහු එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

