Image

මහරගම හෙද සමුළු චෝදනාවට අනුර පිළිතුරු දෙයි

මහරගම දී පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

හෙදියන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන කිහිපයක් විසින් මතු කරන ලද අවධානය පිළිබඳ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක ප්‍රතිචාර දක්වා තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ හෙද වෘත්තීය සමිතිය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර තමන් ඊට ආරාධිතයකු ලෙස සහභාගි වූ බව දිසානායක මන්ත්‍රීවරයා එහිදී පැහැදිලි කළේය.

“ඕනෑම වෘත්තීය සමිතියක ජාතික සමුළුව වාර්ෂිකව පැවැත්වෙනවා. අපේ වෘත්තීය සමිතියේ ජාතික සමුළුව ඒ කියපු දවසේ පැවැත්වුණු නිසා මම ආරාධිතයෙක් විදිහට ඊට සහභාගි වුණා. එය පසුගිය වසරේද පැවතියත් ගුරු සංගමයේ උත්සවයට සහභාගි වූ නිසා මම ඊට සහභාගි වුණේ නැහැ.” යනුවෙන් ඔහු ඔහු ප්‍රකාශ කර තිබිණි.

හෙද සමුළුව පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක වැඩිදුරටත් අනාවරණ කළේ වෘත්තීය සමිති සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකමක් වන මෙම උත්සවයට හෙද හෙදියන්ට පැමිණීම සඳහා නිල නිවාඩු ලබාදී තිබූ බවයි.

මෙම අවස්ථාවට ආරාධිතයකු ලෙස සහභාගී වීමෙන් තමන් කිසිදු නීතියක් හෝ මැතිවරණ නීතියක් කඩ කර නොමැති බව ප්‍රකාශ කළ ඔහු එය මැතිවරණ නිරීක්ෂණ ආයතනවලට ප්‍රශ්නයක් වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

නිල ඇඳුමින් සැරසී සිසුන් ඉදිරියේ දේශපාලන ප්‍රකාශ සිදුකරන පාසල් උත්සව පිළිබඳ අවධානය යොමු නොකරන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන ලද ‘ජයගමු ශ්‍රී ලංකා’ උත්සවවලදී සිදු කෙරෙන දේශපාලන පණිවිඩ සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතා ද දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ නිරීක්ෂණ ආයතනය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) යන සංවිධාන මහරගම හෙද ජාතික සමුළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කණස්සල්ල පළ කර තිබිණි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.