ඊයේ (19) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේ මැතිවරණ කොමිසම විසින් පත්වීම් ලබාදීම චක්‍රලේකයක් හරහා අත්හිටුවා ඇති මොහොතක වත්මන් ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධුර අහිමි වූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට එම අමාත්‍යාංශ තුළම උපදේශක තනතුරු පිරිනමා ඇති බවයි.
එම තනතුරු හරහා අමාත්‍යවරු ලෙස ලැබුණු වරප්‍රසාද සියල්ලම එලෙසින්ම නැවතත් ලබාදීමට වංචනිකව කටයුතු කර ඇති බවත් මැතිවරණ නීතිය සහ අධිකරණ පද්ධතිය ඉන් හෑල්ලුවට ලක් කර ඇති බවත් ජාතික ජන බලවේගය විසින් චෝදනා කරයි.
එහිදී දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම රාජ්‍ය මුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණි ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන් සමහරක් පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමද ආණ්ඩු පාර්ශවයට යම් නිර්දේශයන් ලබා දී ඇතත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැතිව කටයුතු කරනා බවයි.