Image

ආරම්භයේම මාලිමා රජය අත්පත් කරගන්නා බිලියන 1,000 කට අධික මුදලක් ගැන අනුර හෙළි කරයි.!

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ කිරිබත්ගොඩ විජයග්‍රාහී රැලිය අමතමින් එම පක්ෂයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසා සිටියේ බදු පැහැර හැරීම් යටතේ රජයට අය වියයුතු බිලියන 1,100කට අධික මුදල් කන්දරාවක් භාණ්ඩාගාරය වෙත ලැබී නැති බවයි.

එම මුදලින් රුපියල් කෝටි 16,900 ක් ආරම්භයේදීම අය කරගැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව පෙන්වාදුන් දිසානායක මහතා ඉතිරි බදු මුදල් සම්බන්ධයෙන් සුළු නීති කටයුතු කිහිපයක් සිදුකිරීමට ඇති බවද පැවසීය.

එම මුදල අය කරගැනීමෙන් ආහාර, සෞඛ්‍ය සහ අද්‍යාපණ හරහා ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් නිදහස් කිරීමට පවා හැකියාව පවතින බව පෙන්වාදුන් දිසානායක මහතා එම කටයුත්ත පළමු අය වැයේදීම සිදුකරනා බවද අවධාරණය කළේය.

එමෙන්ම උපක්‍රමිකව බදු නොගෙවා නඩු පවරන ව්‍යාපාරිකයන් නඩුව අවසානයේ සමස්ථ හිඟ බදු මුදල එකවර ගෙවීම හරහා මුදලේ වටිනාකම අවප්‍රමාණය වීමේ වාසිය අත් කරගන්නා බව පෙන්වාදුන් දිසානායක මහතා එවැනි හිඟ බදු මුදල් සඳහා කාලය අනුව දඩ පොලී එක් කළහැකි නීති සම්පාදන කරනා බවද වැඩිදුරටත් පැවසීය.

TRENDING POST