Image

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM“Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන “Meet Your Lecturer” විශේෂ මාර්ගෝපදේශ වැඩසටහන මෙම සතිඅන්තයේදී (ජනවාරි 25-26) හෝමාගම NSBM පරිශ්‍රයේදී පවත්වනු ලැබේ.

මේ හරහා සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඍජුවම NSBMහි ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධවී ඔවුන්ට සුදුසු උපාධියක් තෝරාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා ගැනීමේ අවස්ථාව උදාකර ඇත. එමෙන්ම NSBM හි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ එහි අසිරිය සියැසින්ම දැකබලාගෙන NSBM 2025 ජනවාරි නව කණ්ඩායම සඳහා එවෙලේම ලියාපදිංචි වීමේ හැකියාව ද මෙම දිනයන්ගේදී හිමි වේ.

වැඩි විස්තර සඳහා 011 544 5000 අමතන්න හෝ 071 244 5000 ට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

TRENDING POST