Image

නලීන්ගෙන් අලුත් වැඩක්.. තරුණ තරුණියන්ට අවස්ථාවක්.!

වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පැවසූවේ පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින නිපුණතා සංවර්ධන නිලධාරීන් යොමු කර ඇති අතර එම නිලධාරීන්, ගම්මට්ටමින් තරුණ තරුණියන් දැනුවත් කරමින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

විවිධ කුලසතාවන්ගෙන් පිරි තරණ තරුණියන් සඳහා මේ වනවිට වෘත්තිය පුහුුණු පාඨමාලා 1500ක් පමණ ක්‍රියාත්මක වන බවත් බොහෝ පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර ඇතැම් පාඨමාලා සඳහා සීමිත මුදල් ගෙවීමක් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

පුහුණු වීම් සාර්ථකව අවසන් කරන තරුණ පිරිස් සඳහා (NVQ) හෙවත් ජාතික නිපුණතා සහතික නිකුත් කෙරෙන අතර එම සහතිකය දෙස් විදෙස් රැකියා සඳහා වලංගු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.