2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පලමු දිනය වන ඊයේ (27) දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුන ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.
ඒ රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් සමඟ සමස්ථ පදක්කම් 5ක් දිනා ගනිමින්.
පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට චීනය පත්ව ඇති අතර ඔවුන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇති බව සඳහන්.
අමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් පදක්කම් ස්ටහානේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.
මේ අතර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවරට විරේන් නෙත්තසිංහ අද (28) තරග බිමට පිවිසෙනවා.
ඔහු බැඩිමින්ටන් ඉසව්වෙන් මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට තරග වැදීමට නියමිතයි.
![Monara](https://gumlet.assettype.com/monara/2024-07/0e3c5136-def1-48cb-a0d8-ad1681fa0e5b/Screenshot%202024-07-28%20124106.png?format=webp&w=1000&q=80)