දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායුධපාණි හින්දු කොවිලේ උත්සව ශාලාවේ වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා රැස්වීමක් සංවිධානය කර තිබුනි.
එම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එම්.උදයකුමාර් මහතා සහ කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුද සහභාගි ව්ව් අතර රැස්විම අමතමින් දිගම්බරම් මහතා කියාසිටියේ වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය, නිවාස ගැටළුව, සෞඛ්‍ය පහසුකම්, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිම ඇතුළු ගැටළු 48 ක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වි ඇති බවයි.
තමා මින් පෙර වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කල අවස්තාවේ, ඉඩම් ලබාදිම හරහා තේ වගාවට බලපැමක් සිදු විය හැකි බව පවසා ඒ වෙනුවට කම්කරුවන් පදිංචිව සිටිනා නිවාස වලටම උරුමය ඔප්පුවක් ලබාදිමට කැමැත්ත ප්‍රකාශ කල නමුත් වතුකරයේ ජනතාව ලයිම් කාමරවලින් ඉවත් කර පර්චස් දහයක ඉඩම් කැබැල්ලක නිවසක් ඉදි කර, වතු ගම්මාන ඇති කිරිම සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම බව පැවසූ දිගම්බරම් මහතා එම බලාපොරොත්තුව සැප්තැම්බර් මස සැබැ වන බවද අවධාරණය කළේය.