ඉකුත් 2023 අවුරුද්දේ ජනවාරි 01 දා සිට දෙසැම්බර් 31 දක්වා වූ මාස 12ක කාල සීමාව තුළ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 225 සහ එහි කාර්ය මණ්ඩලය සඳහා ආහාරපාන මිලදී ගැනීමට වියදම් වී ඇති මුළු මුදල රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැට හත් දහසක් (23,267,000/=) බව රජයේ විගණන කාර්යාලයට ඉදිරිපත් කළ කාර්ය සාධක වාර්තාවට අනුව අනාවරණය වී ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ මන්ත්රීවරුන් සඳහා පානීය ජල බෝතල් ලබා දීමට රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන් දහසක (2,573,000/=) මුදලක් වැය කර ඇති බවද එහි දැක්වේ.
මේ අතර ජයන්තිපුර තඹල වැව ගම්මානයේ පවුල් 4000ක ජනතාව පානීය ජලය නොමැතිකම හේතුවෙන් අපවිත්ර බොර ජලය පානය කිරීමේ පුවතක්ද වාර්තාවේ.