මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක්, නව තානාපතිවරුන් 06 දෙනෙක්, ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත.
පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත.
නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්.පී වල්පිට ගමගේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබාදී ඇත.
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්.කේ. ගුණසේකරගේ නමද, ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්නගේ නමද, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම් ෂහීඩ් මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.
බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස වයි.කේ. ගුණසේකරගේ නමද, ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. ඒ. පී. පී. සේරම්ගේ නමද, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එස්.කේ අසාර්ඩ්ගෙේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.