Image

ආණ්ඩුවේ සෙල්ලම් ඉවරයි.. තව දින 46යි.!

පවතින ආණ්ඩුවේ ආයු කාලය තව දින 46 කින් අවසන් වන බවත් විපක්ෂ නායකවරයාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති අඩිතාලමක් කරගෙන මෑත කාලයේ බිහිවූ දැවැන්ත සන්ධානය එළඹෙන (08) වැනිදා බිහිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සදහන් කරයි.

මේ වනවිට කිසිදිනක නොවූ ආකාරයට වත්මන් ආණ්ඩුව අධිකරණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවත් වත්මන් ජනාධිපතිවරයා අධිකරණ පද්ධති අකර්මණ්‍ය කිරීම ප්‍රසිද්ධියේ අධිකරණ විනිසුරුවරුන් විවේචනය කරන බවද මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සදහන් කරයි.

පාර්ලිමේන්තු ඡන්ද 134 කින් පත්වූ වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අද වනවිට මන්ත්‍රීවරු 92ක් පමණක් සහය ලබාදී ඇති බවත් පවතින ආණ්ඩුවේ සරල බහුතරය අහිමිවී ගොස් ඇති බවද මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සදහන් කරයි

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව සදහන් කරයි.

TRENDING POST