Image

වසර 76කට පසු පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාවක්.. 10,000ක දීමනාවකුත් ලබාදෙයි.!

රටේ ලක්ෂ දාහතකට අධික ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන නව අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7,500 සිට 10,000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා සදහන් කළේ,

“මේ මගේ මංගල කතාවයි. එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා. මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ.

ඒ සදහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා. ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි. එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සදහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්.

විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා. මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි. මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.