Image

17 වෙනිදා පත්වන මාලිමා ආණ්ඩුවේ නව කථානායක තුමා.!

පසුගිය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇති පරිදි එළඹෙන 17 වන දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව කථානායකවරයෙක් පත්කර ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සමාරම්භක කටයුතු නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු ඇත.

ඉන්පසු පාර්ලිමේන්තුව සඳහා නව කථානායකවරයෙක් පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට නියෝජ්‍ය කථානායක ලෙස කටයුතු කරනා රිස්වි සාලි මහතාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇති බව ආණ්ඩුපක්ෂයේ අභ්‍යන්තර අරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් නව කථානායකවරයා ලෙස පත්කරනා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලන්නේ නම් එය පැවැත්වෙනු ඇති අතර එසේ නොවන්නේ නම් ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් අනුව නව කථානායකවරයෙකු පත්වීමට නියමිතව ඇත.

කෙසේවෙතත් නව කථානායකවරයා ලෙස රිස්වි සාලි මහතා පත්වන්නේ නම්, නියෝජ්‍ය කථානායක තනතුර සඳහා මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම සිදුකළ යුතුය.

TRENDING POST