Image

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්.. හදිසියේම කැඳවයි.!

එළ⁣ඹෙන (14) වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සිදුකරයි.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී අවධාරණය කර ඇත.  

ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා සදහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන (17) වැනිදා ‍ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බවයි.

TRENDING POST